Posts

සීගිරි කවියෙහි ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණක් නොවේ

අනුරාධපුර යුගයේ දී උද්දීඋප්තියට පත් සිංහල සංස්කෘතියේ ජීවගුණය පිළිබිඹු කරන කැටපත වනාහි සීගිරියයි.සොඳුරු හැඟුමින් මතකය ස්පර්ශ කරන කැටබිතෙහි ඇති ගී වනාහි රසයෙන් මනකුල්මත් කරන්නකි. සීගිරි නැගීම හේතුවෙන් ලලනා ලාලිත්‍යයෙන් චිත්තප්‍රීතියට පත් වූ ජනයා ගිහිපැවිදි භේදයකින් තොරවම සිතිවිලි කවි බවට පෙරළන ලද්දේ කැටබිතට අරුතක් දෙමිනි. සීගිරි කැටපත් පවුරට අමිල අගයක් එක්කළ සීගිරි රජදහන පුරා පැතිරී ඇත්තේ හෙළබසේ ගීතවත් බවයි. එහි ප්‍රාණවත් බවයි. පන්සීයක් පමණ සීගිරි අඟනුන්, සීගිරි රාජධානියේ කලාත්මක වූ වාස්තු විද්‍යාත්මක අගය , සීගිරි පවුවට යන දුර්ගමාර්ගය මෙන්ම අවට පරිසරයේ දර්ශනීය බව සීගිරි කවියාට වස්තු සැපවූයේය. මේ කලාත්මක අංග හේතු කරගෙන කවියා කවි ලියූවද ඒ තුළින් කුළුගැන්වූ යේ සාහිත්‍යමය අගයක් පමණත් නම් නොවන බව මේ කවි විමසුමට ලක් කිරීමෙන් පැහැදිලි වේ. එබැවින් සීගිරි ගී මගින් මෙරට සමාජ ,ආර්ථික ,දේශපාලන වටපිටාව පිළිබඳ කරුණු කාරණා කිහිපයක්ම අනාවරණය කරගත හැකිය. එය කරුණු කාරණා කිහිපයක් ඔස්සේ මෙසේ පෙළගැස්විය හැකිය. භාෂාත්මක ලක්ෂණ විදේශීය සම්බන්ධතා අධ්‍යාපන ක්‍රමවේදය කෘෂිකාර්මික ජීවිතය තත්කාලීන දේශපාලන තත්ත

අපේ කෘෂි සංස්කෘතිය

" මයෙ අප්පලාට ඕන්න ඉතිං මේ අක්කා කියා දෙන්ඩ යන්නෙ අපේ කෙත ,බත,කමත එක්ක බැඳිච්ච අපූරු සංස්කෘතියෙන් ඩිංගිත්තක්... හා ... හා... හොඳා හොඳා ...ඔය දාංගලේ නතරකොරලා මේ පිල්කඩෙං ඉඳගනිල්ලකො හොඳ එකාලා වගේ. හිරිකේඩුකම නැති වෙන්ඩත් එක්ක  මං උඹලට කවියක් දෙකකුත් කියල දෙන්නම්කො .. උඹලා, කැත්තෙ උදැල්ලෙ වැඩක්පලක් එහෙම දන්නව කියල යැ. උඹලයෙ මහ එකාලට නම් අපි ඒ වැඩ රාජකාරි අකුරටම කියල දුන්න නෙව ඒ කාලෙ.  "අක්කෙ, සංස්කෘතිය කියන්නෙ මොකද්ද?" සංස්කෘතිය කියලා කියන්නෙ මල්ලි රටක මිනිස්සුන්ගේ අනන්‍යතාව කියාපාන දේවල් වලට. කලාව, සාහිත්‍ය, භාෂාව, ඇඳුම් පැළඳම්, මෝස්තර, ආහාරපාන, සිරිත්,ආගම මේ වගේ ජීවන චර්යාවත් එක්ක එක්කාසු වෙච්ච ගොඩක් දේවල් සංස්කෘතිය කියන වචනෙ ඇතුළෙ තියෙනවා. එතකොට අක්කෙ, කෘෂි සංස්කෘතිය කියල කිව්වේ...? පහන් මල්ලි කුතුහලයෙන් මෙන් ඇසුවේය. ඔව් මල්ලි, ලංකාවේ මිනිස්සු සතා සිව්පාවා , ඇළ දොළ , ගංගා ,වැව් අමුණු, එක්ක විතරක් නෙවේ, කෙත කමත එක්කත් ගණුදෙනු කරන්නෙ ලෝකෙ වෙනත් රටවල් වල නැති තරම් පුදුමාකාර බැදීමකින්. ලෙංගතුකමකින්, ඉතින් එහෙම ගණුදෙනු කරද්දි ඒ වටා අපූරු චර්යා රටා සමුදායක් නිර්මාණය වු

බසක මහිම

මා නව ශිෂ්ටාචාරයේ විශිෂ්ට සිදුවීමක් නම් භාෂාව බිහි වීමයි. වඩාත් නිරවුල් හා පුළුල් ලෙස අදහස් ,තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව මිනිසාට ලැබුණේ භාෂාව මඟිනි. එය මානව සමාජය විසින් ම මානව සන්නිවේදනය හා අන්තර් සම්බන්ධතා ගොඩනැංවීම සඳහා යොදා ගන්නා ප්‍රධාන සන්නිවේදන ‍මෙවලම වශයෙන් ද සැලකිය හැකිය. සරලවම කිවහොත් භාෂාවක් යනු සමාජය තුළ ජීවත් වන පුද්ගලයන් විසින් පොදුවේ එකඟත්වයට පත් කර ගන්නා ලද වාග් සංකේත පද්ධතියකි.              භාෂාවක් යනු කුමක්ද යන්න අරඹයා විව්ධ විද්වතුන් විසින් අර්ථ දැක්වීම් සිදු කර තිබෙනු දක්නට ලැබෙයි. එසේ ඉදිරිපත් කර ඇති නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය 1. භාෂාව යනු , මානව වර්ගයා විසින් සන්නිවේදනය මෙන්ම අනෝන්‍ය සම්බන්ධය පවත්වා ගැනීම සඳහා යොදාගන්නා අැබ්බැහිකම පදනම් කොට භාවිත කරනු ලබන වාචික, ශ්‍රව්‍ය ,සංකේත සමූහයකින් යුත් ක්‍රම පද්ධතියකි.  (R.A.Hall ,1968) භාෂාව යනු මිනිසුන්  2.සමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘත්යක කොටස්කරුවන් ද වශයෙන් අනෝන්‍ය ක්‍රියාකාරීත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා වාක් සංකේත පදධතියකි. (බ්‍රිටැනිකා විශ්ව කෝෂය) ප්‍රාදේශීය උපභාෂා යම් කිසි භාෂා ව්‍යවහ

අප්පච්චි

Image
  බොල් වූ පොළෝ ගැබට  හෙලා රන් දහඩිය  එය ක්ෂේමභූමියක් කොට,  හේනෙ පැලේ පැල් රැක්ක   යාන්තමින් කිරිවැදෙන  විට    වී කරල,  හීන් හිනාවකින්   මගේ සිත දිරිය කළ    නුඹ   මහා නීග්‍රෝධ වෘක්ෂයකි,  මගේ දිවි මඟ  සෙවණ කළ...........