බසක මහිම
මා නව ශිෂ්ටාචාරයේ විශිෂ්ට සිදුවීමක් නම් භාෂාව බිහි වීමයි. වඩාත් නිරවුල් හා පුළුල් ලෙස අදහස් ,තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව මිනිසාට ලැබුණේ භාෂාව මඟිනි. එය මානව සමාජය විසින් ම මානව සන්නිවේදනය හා අන්තර් සම්බන්ධතා ගොඩනැංවීම සඳහා යොදා ගන්නා ප්‍රධාන සන්නිවේදන මෙවලම වශයෙන් ද සැලකිය හැකිය. සරලවම කිවහොත් භාෂාවක් යනු සමාජය තුළ ජීවත් වන පුද්ගලයන් විසින් පොදුවේ එකඟත්වයට පත් කර ගන්නා ලද වාග් සංකේත පද්ධතියකි. භාෂාවක් යනු කුමක්ද යන්න අරඹයා විව්ධ විද්වතුන් විසින් අර්ථ දැක්වීම් සිදු කර තිබෙනු දක්නට ලැබෙයි. එසේ ඉදිරිපත් කර ඇති නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය 1. භාෂාව යනු , මානව වර්ගයා විසින් සන්නිවේදනය මෙන්ම අනෝන්‍ය සම්බන්ධය පවත්වා ගැනීම සඳහා යොදාගන්නා අැබ්බැහිකම පදනම් කොට භාවිත කරනු ලබන වාචික, ශ්‍රව්‍ය ,සංකේත සමූහයකින් යුත් ක්‍රම පද්ධතියකි. (R.A.Hall ,1968) භාෂාව යනු මිනිසුන් 2.සමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘත්යක කොටස්කරුවන් ද වශයෙන් අනෝන්‍ය ක්‍රියාකාරීත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා වාක් සංකේත පදධතියකි. (බ්‍රිටැනිකා ...