Posts

Showing posts from November, 2017

සීගිරි කවියෙහි ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණක් නොවේ

අනුරාධපුර යුගයේ දී උද්දීඋප්තියට පත් සිංහල සංස්කෘතියේ ජීවගුණය පිළිබිඹු කරන කැටපත වනාහි සීගිරියයි.සොඳුරු හැඟුමින් මතකය ස්පර්ශ කරන කැටබිතෙහි ඇති ගී වනාහි රසයෙන් මනකුල්මත් කරන්නකි. සීගිරි නැගීම හේතුවෙන් ලලනා ලාලිත්‍යයෙන් චිත්තප්‍රීතියට පත් වූ ජනයා ගිහිපැවිදි භේදයකින් තොරවම සිතිවිලි කවි බවට පෙරළන ලද්දේ කැටබිතට අරුතක් දෙමිනි. සීගිරි කැටපත් පවුරට අමිල අගයක් එක්කළ සීගිරි රජදහන පුරා පැතිරී ඇත්තේ හෙළබසේ ගීතවත් බවයි. එහි ප්‍රාණවත් බවයි. පන්සීයක් පමණ සීගිරි අඟනුන්, සීගිරි රාජධානියේ කලාත්මක වූ වාස්තු විද්‍යාත්මක අගය , සීගිරි පවුවට යන දුර්ගමාර්ගය මෙන්ම අවට පරිසරයේ දර්ශනීය බව සීගිරි කවියාට වස්තු සැපවූයේය. මේ කලාත්මක අංග හේතු කරගෙන කවියා කවි ලියූවද ඒ තුළින් කුළුගැන්වූ යේ සාහිත්‍යමය අගයක් පමණත් නම් නොවන බව මේ කවි විමසුමට ලක් කිරීමෙන් පැහැදිලි වේ. එබැවින් සීගිරි ගී මගින් මෙරට සමාජ ,ආර්ථික ,දේශපාලන වටපිටාව පිළිබඳ කරුණු කාරණා කිහිපයක්ම අනාවරණය කරගත හැකිය. එය කරුණු කාරණා කිහිපයක් ඔස්සේ මෙසේ පෙළගැස්විය හැකිය. භාෂාත්මක ලක්ෂණ විදේශීය සම්බන්ධතා අධ්‍යාපන ක්‍රමවේදය කෘෂිකාර්මික ජීවිතය තත්කාලීන දේශපාලන තත්ත