අපේ කෘෂි සංස්කෘතිය
" මයෙ අප්පලාට ඕන්න ඉතිං මේ අක්කා කියා දෙන්ඩ යන්නෙ අපේ කෙත ,බත,කමත එක්ක බැඳිච්ච අපූරු සංස්කෘතියෙන් ඩිංගිත්තක්... හා ... හා... හොඳා හොඳා ...ඔය දාංගලේ නතරකොරලා මේ පිල්කඩෙං ඉඳගනිල්ලකො හොඳ එකාලා වගේ. හිරිකේඩුකම නැති වෙන්ඩත් එක්ක මං උඹලට කවියක් දෙකකුත් කියල දෙන්නම්කො .. උඹලා, කැත්තෙ උදැල්ලෙ වැඩක්පලක් එහෙම දන්නව කියල යැ. උඹලයෙ මහ එකාලට නම් අපි ඒ වැඩ රාජකාරි අකුරටම කියල දුන්න නෙව ඒ කාලෙ. "අක්කෙ, සංස්කෘතිය කියන්නෙ මොකද්ද?" සංස්කෘතිය කියලා කියන්නෙ මල්ලි රටක මිනිස්සුන්ගේ අනන්‍යතාව කියාපාන දේවල් වලට. කලාව, සාහිත්‍ය, භාෂාව, ඇඳුම් පැළඳම්, මෝස්තර, ආහාරපාන, සිරිත්,ආගම මේ වගේ ජීවන චර්යාවත් එක්ක එක්කාසු වෙච්ච ගොඩක් දේවල් සංස්කෘතිය කියන වචනෙ ඇතුළෙ තියෙනවා. එතකොට අක්කෙ, කෘෂි සංස්කෘතිය කියල කිව්වේ...? පහන් මල්ලි කුතුහලයෙන් මෙන් ඇසුවේය. ඔව් මල්ලි, ලංකාවේ මිනිස්සු සතා සිව්පාවා , ඇළ දොළ , ගංගා ,වැව් අමුණු, එක්ක විතරක් නෙවේ, කෙත කමත එක්කත් ගණුදෙනු කරන්නෙ ලෝකෙ වෙනත් රටවල් වල නැති තරම් පුදුමාකාර බැදීමකින්. ලෙංගතුකමකින්, ඉතින් එහෙම ගණුදෙනු කරද්දි ඒ වටා අපූරු චර්යා රටා සමුදායක් නිර්මාණය වු...